එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටට අවශ්‍ය, රටට උරුම පක්ෂයක්
“එ.ජා.ප. යට අද මේ තත්තවයන් ඇති කරන්නේ, මෑතකදී පවත්වන්නට නියමිත ඡන්දයෙන් දිනන්න ඕන කියලා දගලන, අවම වශයෙන් අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති පුද්ගලයින් කිහිපදෙනෙක් එකතු වෙලා. එක්කෙනෙක් ගම්පහින්. අනෙක් පුද්ගලයා මාතරින්. අනිත් කෙනා හම්බන්තොටින් තමයි මේ කඩාකප්පල් වැඩකරන්න ඉදිරිපත් වෙලා සිටින්නේ. මේ අය එක්වෙලා අපේ පක්ෂය නැති කරන්න දගලනවා. මොවුන් අඩුගානේ තම ආසනය, කොට්ඨාශය, දිස්ත්‍රික්කය පවා දිනාගන්න බැරිවුණ පුද්ගලයෝ. මොවුන් …
Continue Reading
මහින්දගේ කාලේ ඉඩම් අක්කර ගණන් පිට රටවලට වික්කේ සින්නක්කරේට (වීඩියෝ)
ඒකාබද්ධ විපක්ෂය ජනතාවට ඉඩම් ලබාදීමට විරුද්ධව පදනම් විරහිත ප්‍රකාශ සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. අරලියගහ මන්දිරයේ අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ජනතාවට ඉඩම් අයිතිය පැවරූ පසු ඔවුන් ඉඩම් බහු ජාතික සමාගම්වලට පවරනු ඇති බව පැවසීම මුග්ධ තර්කයක් බවත් ජනතාවට ඉඩම් නොදී සිටීම ඒකාබද්ධ විපක්ෂයේ අදහස බවත් ඒ …
Continue Reading
බැඳුම්කර කොල්ලයට සම්බන්ධ ඇලෝසියස් ඇතුළු 8කට විශේෂ මහාධිකරණයෙන් ඇප (වීඩියෝ)
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට අද අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේය. ඒ අදාළ නඩුව අද(19) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය. 2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසිය තුළින් රුපියල් බිලියන 10. 58 ක් වටිනා භාණ්ඩාගාර …
Continue Reading
අපද්‍රව්‍ය කන්ටේනර් ශ්‍රී ලංකාවට ගෙන ආ ජනාධිපති අපේක්ෂකයා කවුද? (වීඩියෝ)
එංගලන්තයෙන් බැහැරකෙරුණු රෝහල් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102 ක් මෙරටට ගෙන්වූයේ කවුරුන්දැයි යන්න තමා නොදන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා පවසයි. එංගලන්තයේ රෝහල්වලින් බැහැරකෙරුණු අපද්‍රව්‍ය කන්ටේනර් 102ක් කොළඹ වරායේ ඇති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය ඊයේ අනාවරණ කළේය. කෙසේ වෙතත් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් කියා සිටියේ මෙය ලන්ඩනයේ සිට …
Continue Reading
ජනතාවගේ දුප්පත්කම නැති කරනවා මිසෙක, දුප්පත්කමෙන් ජනතාව රැකගෙන සිටීම නොවෙයි අවශ්‍යය
“අපි මේ රට හදන්න නම්, බය නැතිව තීන්දු තිරණ ගත යුතුයි. ඒ වාතාවරණය වෙනස් වෙලා තිබෙන්නේ අද එක් එක් කොමිසන් පත්කර තිබීම තුළින්. නමුත් සත්‍ය දේ කරනවානම් බය වෙන්න අවශ්‍ය නැහැ. කව්රු මොන සංදර්ශන ඇති කළත්, අවසානයේ යතාර්ථය වෙනස්කරන්න බැහැ. අපි වෙනසක් ඇති කරන්නනම්, ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුයි. අපි නිදහස ලබාගත්තට, සුදු හමට ගරු කරන මානසිකත්වයකින් තමයි කටයුතු කරලා …
Continue Reading
පොලිස් කොමිසමේ ලේකම් ජ’පුර රෝහලේදී අත්අඩංගුවට
ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ප‍්‍රතිකාර සඳහා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව සිටියදී එහි ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න …
Continue Reading
පූජිත්ට සහ හේමසිරිට ඇප ලැබුණත් ඊට එරෙහිව නීතිපති පසුපස පන්නයි
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අද(18) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් දෙදෙනා පසුගිය 09 වනදා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය …
Continue Reading
පාස්කු ප්‍රහාරයේ ඇතැම් සැකකරුවන් නිදහස් කරන ලෙසට එජාප මුස්ලිම්වරු අගමැති රනිල්ගෙන් ඉල්ලති
පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සාක්ෂි නොමැතිව අත්අඩංගුවේ පසුවන සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන්,අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව ඊයේ(17) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත් විය. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අඳහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පැවසුවේ මුස්ලිම් විවාහ නීතිය ඇතුළු නව සංශෝධන සම්බන්ධයෙන්ද එහිදී …
Continue Reading
සජිත්ට තව කල් තියෙනවා, කරූට අවස්ථාව දිය යුතුයි – විද්වතුන් එක හඬින් කියති(වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් මෙම ඉල්ලීම සිදුකළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ, නිහඬ චරිතයක් ලෙස කථානායකවරයා හැඳින්විය හැකි බවයි. දේශාපලනයෙන් ඔබ්බට ගොස් ඔහුගෙන් සිදුවු සේවය ගැන ඇගයීමක් සිදු කල යුතු බව ඒ …
Continue Reading
සමාජ මාධ්‍යවල නවතම FaceApp රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත සහ පුද්ගලිකත්වය අනතුරේ!
මේ වන විට ජනප්‍රිය රැල්ලක් වෙමින් යන FaceApp නිසා එය භාවිතා කරන ෆේස්බුක් පරිශිලකයින්ගේ දත්ත සහ ඔවුන්ගේ පුද්ගලිකත්වය දැඩි අනතුරකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදයක් නිකුත් කරමින් කියා සිටී. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය. මෑතකදී සමාජ මාධ්‍ය අඩවි වල #AgeChallenge (#FaceAppChallenge) ලැව්ගින්නක් සේ පැතිර යන අතර, සෑම කෙනෙකුම එය රැල්ලකට සිදුකරමින් සිටියි. …
Continue Reading