ජනතා විමුක්ති පෙරමුණේ අරගලයේ ජන බලය රැළිය ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ‘අරගලයේ ජන බලය’ මහජන රැළිය මේ විට ආරම්භ වී තිබෙනවා. නුගේගොඩ දී මෙම රැළිය පැවැත්වීමට නියමිතව ඇති අතර මහජන පා ගමන මේ වන විට විජේරාම ප්‍රදේශයෙන් ආරම්භ වී ඇති බව එසැණ වාර්තාකරු පවසා සිටියා. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටිනවා.

Continue Reading

ඩලස්ලාගේ ගමන අපුරෙන් අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු මේ සති අන්තයේ දී අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ සඳහා එම මන්ත්‍රී කණ්ඩායම ඊයේ (19)පස්වරුවේ අනුරාධපුරය බලා පිටත්ව ගිය අතර,ඔවුන් සති අන්තයේ අනුරාධපුරයේ රැදී සිටිනු ඇතැයි දැනගන්නට තිබේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැදපුදාගෙන, ප්‍රදේශයේ විහාරස්ථානවල මහා සංඝරත්නයද බැහැ දැක ආශිර්වාද ලබා …

Continue Reading

ජනපති පරිනත දේශපාලකයෙක්

දීර්ඝකාලීන දේශපාලන අද්දැකීම් සහිත පරිණත දේශපාලනඥයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට මෙහෙයවීමේ වගකීම බාරගෙන තිබීම ගැන තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ආශිර්වාදය පළ කරන බව අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමියෝ පැවසූහ. ජනාධිපතිතුමා රට බාරගෙන ඇත්තේ අනපේක්ෂිත හා අසීරු අවස්ථාවකයි. මෙතෙක් කිසිදු නායකයකුට නොතිබුණු ලක්ෂණ ජනාධිපතිවරයා කෙරෙන් දක්නට ලැබේ. තමන් වෙනුවෙන් නොව රටේ ජනතාව වෙනුවෙන් සේවයක් …

Continue Reading

හිරුණිකා සී.අයි.ඩියට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20 ) පැමිණ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඊයේ පස්වරුවේ කළ දැණුම් දීමකට අනුව මෙම ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ප්‍රකාශය ලබාදීමට යාමට  පෙර අද දින කැඳවීම සිදුකර ඇත්තේ කවර කාරනයකටදැයි මාද්‍යය නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් තමාට කැඳවීම ලද ලිපියේ ඒ පිලිබඳව කිසිදු සඳහනක් නොමැති …

Continue Reading

දේශපාලනඥයන් අසූවකට අල්ලස් දූෂණ චෝදනා

අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙයට අමතරව අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙදෙනකුට එරෙහිවද විමර්ශන පවත්වන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය. මෙම විමර්ශන …

Continue Reading

ගෝඨා ආපහු දේශපාලනයට එන එකක් නෑ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය. හිටපු ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගනු ඇතැයි තමා කිසිසේත්ම විශ්වාස නොකරන බවද  හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ මහනුවරදී  අද (19) පෙරවරුවේ පැවති රැස්වීමකින්  අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට ඇති නිදහස …

Continue Reading

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම ගැන සරත් ෆොන්සේකාගෙන් සටහනක්

නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙලපාලියකට පහරදී පලවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලුන් දහස්ගනනක් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. මැයි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ එවක අගමැතිවරයාද මේ ආකාරයෙන්ම මැර පිරිසක් යොදවා සාමකාමීව අවිහිංසාවාදීව පවත්වාගෙන ආ අරගලයට පහර දුන් බවද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් …

Continue Reading

එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ජනපති හමු‍ වෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අනුව ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ David McLachlan-Karr, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත Hanaa Singer, එහි නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී Andreas Karpati යන අය මෙම හමුව සඳහා එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Continue Reading

හිටපු ජනපතිට ආරක්ෂාව දෙන්නැයි පොදුජන පෙරමුණ ජනපති රනිල්ගෙන් ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සඳහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා. එසේම පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට …

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ යළි ශ්‍රී ලංකාවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි තහවුරු කර තිබෙනවා. CNN ප්‍රවෘත්ති සේවාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බව රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දී ඇති බවයි. ඒ අනුව ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් නිල වශයෙන් රජයට කාර්යභාරයක් නොමැති බවත්, ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔහුට රිසිසේ සංචාරයන්හි නිරත වියහැකි …

Continue Reading