පොලොන්නරුවේ රෝහල් කටයුතු නවතී

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් 16 වන දින පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් සියල්ලේම ඉන්ධන ලැබෙන තෙක් හදිසි රෝගීන් සදහා පමණක් ප්‍රතිකාර කිරීමට සෞඛය අංශ කටයුතු කර ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි. ඒ් අනුව පොලොන්නරුව මහ රොහල, මූලික රෝහල් 3ක් සහ ප්‍රාදේශීය රෝහල් 9ක් මේවන විට අත්‍යවශ්‍ය රාජකාරී පමණක් ක්‍රියාත්මක වන බව පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි. මේ …

Continue Reading

පැය 3 ක විදුලි කප්පාදුව තව දින දෙකකට දීර්ඝ වෙයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින දෙකට දීර්ඝ කරමින් හෙට සහ අනිද්දා (18 සහ 19) දක්වා ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (17) පෙරවරුවේ පැවසීය. ඒ අනුව එම දින දෙකේ පැය 3 ක් විදුලිය කප්පාදු කරන බවත් ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ …

Continue Reading

වාසුගේ සහාය ඩලස්ට

ජනාධිපති ධූරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය. සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවයකින් යුතු වැඩපිළිවෙලක් සකස් කරගැනීමටත්, ජනතාවට කඩිනම් සහනදීම සඳහා මෙන්ම ජනතා ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බලගතු පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේ ඩලස් අලහප්පෙරුම මහතා බව ඔහු සඳහන් කළේය.

Continue Reading

ජංගම ඉන්ධන පිරවුම්හල් එයි

ඉන්ධන බෙදාහැරීම ජංගම ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් එම පිරවුම්හල් හැකි ඉක්මණින් රට පුරා ව්‍යාප්ත කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම ජංගම පිරවුම්හල්වලින් ත්‍රීරෝද රථ සහ විදුලි ජනන යන්ත්‍රවලට (ජෙනරේටර්) ඉන්ධන ලබාදීමට නියමිත අතර ජංගම පිරවුම්හල ක්‍රීඩාංගණවලට ගෙනවිත් ත්‍රිරෝදරථවලට පෙට්‍රල් ලබාදීමට නියමිතය.

Continue Reading

ජනපති වෙන්න හතරක්:අගමැති වෙන්න තුනක් තරඟ බිමේ

නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර මෙම සටන නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් සිවුදෙනාම ජනාධිපතිධුරයට පත්වීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වාර්තා …

Continue Reading

අනුරත් ජනපති තරඟයට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. රටේ වැටි ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩනැගීමට නායකත්වය දීමට පාර්ලිමේන්තු ඇතුලේ ජනාධිපති තේරීමේ තරගයේ දී ජාතික ජල බලවේගය නියෝජනය කරමින් අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරනවා යැයි විජිත හේරත් මහතා පවසයි. ජාතික …

Continue Reading

විපක්ෂ නායක අගමැති ධුරයට පත් කරනවා

විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් එම යෝජනාවට කැමැති බව ද ජයසේකර මහතා කීය. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස්  දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීය.

Continue Reading

රිදියගම සෆාරි උද්‍යානයේ සංවිධානාත්මක සත්ව ඝාතනයක්

හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ නරඹන්නන් පිනවීම පිණිස රඳවා ඇති සතුන් සහ ඊට යාබද වනාන්තර කොටසේ සිට පැමිණෙන වන සතුන් සත්වෝද්‍යාන සේවකයින් පිරිසක් විසින් විවිධ ක්‍රම මගින් මස් පිණිස ඝාතනය කරන බවට දැනගන්නට ලැබී ඇති බව ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය සංවිධාන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. මෙසේ ඝාතනය කෙරෙන සතුන් ප්‍රදේශයේ විවිධ හෝටල් සහ බලවත් පුද්ගලයින්ගේ පරිභෝජනය සඳහා …

Continue Reading

නව ජනපති තේරීම දින හතක් ඇතුළත

නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමේ වැඩ කටයුතු සඳහා හෙට පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම සඳහා, රැස්වීමට සාමකාමී වාතාවරණයක් උදා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කතානායක වරයා කීය. දින හතක් වැනි කෙටි කාලයක් තුළදී සියලු වගකිව යුත්තන්ගෙන් සහභාගීත්වයෙන් නව ජනාධිපතිවරයා …

Continue Reading

රනිල් ජනපති ලෙස දිවුරුම් දීමේ කටයුතු සියල්ල සූදානම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල මේ වන විට අවසන් ව ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර අගවිනිසුරුවරයා ඉදිරියේ තව නොබෝ වේලාවකින් රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.  

Continue Reading