ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ගාලුමුවදොර අරගලභූමියට යයි
-
RSL
-
July 29, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
අරගලයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම වහා නවත්වන ලෙස හා අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලා කිතුණු ආගමික පූජකවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ගාලුමුවදොර උද්ඝෝෂණ කලාපයේ පිහිටි අරගල භූමියට පැමිණ අද (29) පැමිණ විරෝධතාවක නිරත වූහ. ‘සිවිල් සමාජයේ අප සාධාරණ අරගලය සමඟයි’, අනීතික අත්අඩංගුවට ගත් පුද්ගලයන් වහා නිදහස් කරනු’ ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ. …
Continue Reading
අකිලට ජනාධිපති උපදේශකකමක් පිරිනැමේ
-
RSL
-
July 29, 2022
-
දේශපාලන
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර තිබේ. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමට ඔහුට පවරා ඇත.
Continue Reading
QR කේතය හරහා ලක්‍ෂ 5ක් ඉන්ධන අරගෙන
-
RSL
-
July 29, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ජාතික ඉන්ධන බලපත්‍රය හරහා පසුගිය 21 වැනිදා සිට ඊයේ (28) රාත්‍රී දක්වා රථ වාහන 536,055 ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් ඉන්ධන පිරවුම්හල් 536කින් QR කේතය අනුව ඊයේ දිනයේ පමණක් 187,005ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඉන්ධන පිරවුම්හල් 826 ක් ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදයට මේ වන විට අනුගතවී සිටින බවත් සමස්ල වාහන 4,479,376 ක් …
Continue Reading
ජනාධිපති නිල කොඩිය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කළ පුද්ගලයා අත්අඩංගුවට
-
RSL
-
July 29, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
මහජන විරෝධතා අතරතුර ජනාධිපති නිල කොඩිය සොරාගෙන ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කළ පුද්ගලයා පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජුලි 09 වැනි දින පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් අතරතුර මහජනතාව කඩා වැදී ජනාධිපති කාර්යාලයට කඩා වැදීමෙන් පසු මෙම පුද්ගලයා කොඩිය සොරකම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ. CCTV දර්ශන ඔස්සේ ලබාගත් සාක්ෂි අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
පෙරටුගාමී පක්ෂ කාර්යාලයට පොලිස් කණ්ඩායම් දෙකක් කඩා වදියි
-
RSL
-
July 29, 2022
-
දේශපාලන
-
0 Comments
නුගේගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට පොලිස් කණ්ඩායම් දෙකක් පැමිණ පරික්ෂා කර ඇති බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා. අවස්ථා දෙකකදී පොලිස් කණ්ඩායම් දෙකක් පැමිණ ඇති අතර පළමු කණ්ඩායම සිවිල් ඇඳුමින් සැරසී පැමිණි බවත් දෙවන කණ්ඩායම පොලිස් නිල ඇඳුමින් පැමිණි බවයි ඔහු සඳහන් කළේ. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ සෙවීම සඳහා ඔවුන් පැමිණ ඇති බවට එම පිරිස් …
Continue Reading
ජනාධිපති උපදේශකවරු දෙදෙනෙක්
-
RSL
-
July 28, 2022
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ ශෙනුකා සෙනෙවිරත්න මහත්ම මහත්මීන් පත් කරනු ලැබ ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර තිබේ. මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ධූරයේත් රාජකාරී ආරම්භ කළහ. කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු …
Continue Reading
අරගල ක්‍රියාකාරි පැතුම් කර්නර් අත්අඩංගුවට
-
RSL
-
July 28, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඔහු ඉකුත් 18 වෙනි දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි. පැතුම් කරනර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින් ජනතාවට එම …
Continue Reading
මැතිසබයේ තනතුරු හතරකට අලුත් මුහුණු
-
RSL
-
July 28, 2022
-
දේශපාලන
-
0 Comments
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක් සහ සහකාර සංවිධායකවරු දෙදෙනෙක්ද පත් කරනු ලැබ සිටිති. මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙසද කෝකිලා ගුණවර්ධන සහ නීතිඥ මධුර විතානගේ සහ ජානක තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් සහකාර සංවිධායකවරුන් ලෙසද පත් කරනු ලැබ ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. එම තනතුරුවලට …
Continue Reading
කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට
-
RSL
-
July 28, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බවත් මහජන ආරක්ෂක හිටපු ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. යම් කිසි හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර මහතා රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට …
Continue Reading
වේරංග පුෂ්පික අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලීසිය කරුණු පැහැදිළි කරයි
-
RSL
-
July 28, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මත ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසා සිටිනවා. ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගැනුණු ඔහු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත ගෙන ගොස් අදාළ විමර්ශනයන් සිදු කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ බවයි පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේ. සැකකරු …
Continue Reading