අන්තර්කාලීන අයවැය සැප්තැම්බර් පළමු සතියේ පාර්ලිමේන්තුවට

සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව එමගින් ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සමග අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති …

Continue Reading

ජනපති හා සජිත් අතර හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (05) පැවැත්වීමට නියමිතයි. සර්ව පාක්ෂික ආණ්ඩුව, පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ඇතුළු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක සඳහන් කළේ.

Continue Reading

සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ගැසට් නිවේදනයක්

රජයේ සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවය අත්‍යාවශ්‍ය සේවයන් ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්,

Continue Reading

ශ්‍රීලනිපය හා ජනපති අතර හමුවක් අද

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එම සාකච්ඡාව අද පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ. පවතින අර්බුදය විසඳීම සඳහා කුඩා කැබිනට් මණ්ඩලයක්, නිශ්චිත වැඩසටහනක් සහ නිශ්චිත කාලවකවානුවක් සහිතව සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටවිය යුතු බවයි ඔහු සඳහන් …

Continue Reading

ජෝසෆ් ස්ටාලින් අද අධිකරණයට

අත්අඩංගුවට ගනු ලැබු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අද (04) කොටුව මහෙස්ත්‍රාත් අ‍ධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයකට සහභාගීවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ දී ජෝසප් ස්ටාලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

Continue Reading

මහ රැජන ජනපතිට සුබ පතයි

එළිසෙබෙත් මහ රැජන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහරැජනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ. “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයට පත් වූ ඔබට මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ජනාධිපති ධුර කාලය තුළ අප දෙරට අතර උණුසුම් මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට …

Continue Reading

ජනපති කතාව මධ්‍යස්ථයි

ජනාධිපතිවරයකු කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය රාජාසන කතාවෙන් කළත් අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය. රටේම තිබෙන ප්‍රශ්න පිළිබඳව එම රාජාසන කතාවේ අවධානය යොමුකර තිබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේ‍ය එමෙන්ම මෙය තවත් එක් රාජාසන කතාවක් පමණක් …

Continue Reading

ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙයි

නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව පළමුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන පළමුවෙන් පැමිණි අතර දෙවනුව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා. පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 03 වැනි සභාවාරය ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා.

Continue Reading

කඳුළු ගෑස් උණ්ඩ 02ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කඳුළු ගෑස් උණ්ඩ 02ක් සමඟ පුද්ගලයෙකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වනදා පොල්දූව මංසන්ධියේ පැවැති විරෝධතාවය අතරතුර පොලිස් ත්‍රිරෝද රථයක තිබී අතුරුදන් වූ ජීව කඳුළු ගෑස් උණ්ඩවලින් දෙකක් මෙලෙස සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ (02) උදෑසන කාලයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි අරුණෝදය මාවත, ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් …

Continue Reading

ජනපති පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වයි

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයින් පළමු සාකච්ඡා වටයට එක්වී ඇති අතර …

Continue Reading