ඉන්දියාව-බ්‍රසීලය-දකුණු අප්‍රිකා සංවාදය ත්‍රස්තවාදයට එරෙහි වීම සහ ජාත්‍යන්තර අපරාධ ඇතුළු ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් සහයෝගීතාව තීවූර කිරීමට එකඟ වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති රැස්වීමේදී, 10 වැනි ඉන්දියාව-බ්‍රසීලය-දකුණු අප්‍රිකා සංවාදය ත්‍රෛපාර්ශ්වික අමාත්‍ය කොමිෂන් සභා රැස්වීමේදී ඉන්දියාව-බ්‍රසීලය-දකුණු අප්‍රිකා සංවාද සාමාජිකයින් ත්‍රස්තවාදය “ගෝලීය ව්‍යසනයක්” ලෙස විග්‍රහ කළේය.77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව එය පැවැත්විණ. එහිදී ත්‍රස්තවාදයට එරෙහි සහ ජාත්‍යන්තර අපරාධ ඇතුළු ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ඔවුන් එකඟ වීය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර ආසනයක් සඳහා …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි හමුවෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් බ්‍රහස්පතින්දා එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි හමුවිය. මෙම හමුවේදී එක්සත් රාජධානියේ ප්‍රදේශ කිහිපයක ඉන්දියානු ප්‍රජාවට එරෙහිව සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිය කනස්සල්ල ඔහු වෙත පළ කළේය.එමෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳව ද එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. 77 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා එක්සත් ජනපදයේ …

Continue Reading

ඉන්දියාව සහ ටජිකිස්තානය ත්‍රස්තවාදය එහි සියලු ආකාරවලින් සහ ප්‍රකාශනවලින් හෙළා දකී.

ත්‍රස්තවාදයට එරෙහි ඉන්දීය-තජිකිස්තාන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ සිව්වන රැස්වීම පසුගිය සතියේ සැප්තැම්බර් 13 වැනි දින පැවැත්විණ. එහිදී ඉන්දියාව සහ ටජිකිස්තානය එහි සියලුම ප්‍රකාශනයන්හිදී ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දුටුවේය.එම රැස්වීමේදී ඔවුන් අන්තවාදයෙන් එල්ල වන අන්තරාය ද සාකච්ඡා කළහ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ත්‍රස්තවාදයට සහ රැඩිකල්කරණයට හිතකර අන්තවාදයෙන් පැන නගින තර්ජනය පිළිබඳවද ඔවුන් අවධාරණය යොමු කළ බවයි. එමෙන්ම දෙපාර්ශ්වයම ත්‍රස්තවාදය එහි …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ජනාධිපතිවරුන් තිදෙනෙකු දෙනෙකු සහ විදේශ අමාත්‍යවරුන් සිව් දෙනෙකු හමුවෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයට සහභාගී වීමට එක්සත් ජනපදයට පැමිණ ඇත. ඔහුගේ සංචාරය අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරුන් තිදෙනෙකු සහ විදේශ අමාත්‍යවරුන් හතර දෙනෙකු ඇතුළුව ලෝකයේ විවිධ ප්‍රදේශ වල ප්‍රභූවරුන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් …

Continue Reading

ඉන්දියාව සහ ඊජිප්තුව ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කරයි

සිය ඊජිප්තු සංචාරයේදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ඊජිප්තු ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් මොහොමඩ් සාකි සමඟ සඳුදා කයිරෝහිදී හමු විය. ඉන්දීය සහ ඊජිප්තු ආරක්ෂක අමාත්‍යවරුන් විසින් සඳුදා කයිරෝ නුවර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් තබන ලදී.මෙමගින් ක්ෂේත්‍රය තුළ සමීප සබඳතා ඇති කර ගැනීමේ ඔවුන්ගේ අභිප්‍රාය පෙන්නුම් කරයි. මෙම ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ට්වීටර් …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් ජිබුටි ජනරජයෙහි සංචාරයක නිරත වෙයි.

ඉන්දීය විදේශ කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් මහතා ජිබුටි ජනරජයේ නිල සංචාරයක නිරත වෙයි. දෙරට අතර පවත්නා ද්විපාර්ශික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සංචාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සැප්තැම්බර් 21-22 යන දෙදින තුළ මෙම සංචාරය අප්‍රිකාවේ අඟ ප්‍රදේශයේ පිහිටි රටට සිදුකරන බවයි. මේ අතර …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරයා සමඟ සාකච්ඡා පවත්වයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ක්සබා කෝරෝසි නිව්යෝර්ක්හිදී හමුවිය. ගෝලීය පරිමාණයෙන් ප්‍රගතිය සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක න්‍යාය පත්‍රයේ “විවේචනාත්මකභාවය” ද ඔවුන් දෙදෙනා සාකච්ඡා කළහ. එම හමුව පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සටහන් කොට තිබුණේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරයට සමගාමීව එහි සභාපති ක්සබා කෝරෝසි හමු …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ පෙළේ රැස්වීමක් සඳහා නිව්යෝර්ක් වෙත පැමිණේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ඉරිදා නිව්යෝර්ක් වෙත පැමිණියේය. මෙහිදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ පෙළේ රැස්වීම සඳහා සහභාගි වීමට ඔහු බලාපොරොත්තු වේ.මෙම හමුවට සමගාමීව ඔහු එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් හමුවීමට ද නියමිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිර කම්බෝජ් සහ නිව්යෝර්ක්හි කොන්සල් ජනරාල් රන්ධීර් ජයිස්වාල් විසින් නිව්යෝර්ක් වෙත පැමිණි ඉන්දීය විදේශ කටයුතු …

Continue Reading

ඉන්දියාව සහ ඊජිප්තුව හමුදා සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට එකඟ වේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සිය ඊජිප්තු සංචාරයේදී කයිරෝහිදී ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි හමුවිය. එම හමුවේදී දෙපාර්ශවය අතර හමුදා සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණ. මෙම හමුව පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පැවසූයේ ඉන්දියාව සහ ඊජිප්තුව අන්‍යෝන්‍ය විශ්වාසය සහ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවයි. එමෙන්ම බහුවිධ සහයෝගීතාව පුළුල් කිරීමට දෙරටම කැපවී …

Continue Reading

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි III චාල්ස් රජු හමුවෙයි.

ඉරිදා බකිංහැම් මාලිගයේ පැවති පිළිගැනීමේ උත්සවයකදී ඉන්දියාවේ ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු බ්‍රිතාන්‍යයේ අභිනවයෙන් දිවුරුම් දුන් III චාල්ස් රජු හමුවිය.එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට පෙර මෙම හමුව සිදු විය. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු එක්සත් රාජධානියේ III චාල්ස් රජු විසින් බකිංහැම් මාලිගයේදී පවත්වන ලද පිළිගැනීමේ උත්සවයේදී යනුවෙන් රාෂ්ට්‍රපති භවන් හි නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණ. දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය …

Continue Reading