මහින්දට, ගෝඨාභයට අවසන් නිවේදනයක්..!
පාවාදීමේ ක්‍රියාවලිය වහා නවත්වන්නැයි ජාතික සංවිධාන රැසක් විසින් යුත් ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත යොමු කර ඇත. ජාතික සංවිධාන 65 නායකයින්ගේ අත්සනින් යුතුය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
Continue Reading
LPL : මතීෂ පතිරණ වාර්තාගත මිලකට අලෙවි වෙයි…!
20-20 ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලිය සඳහා ක‍්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙයි. එහිදී වේග පන්දු වන ක්‍රීඩක මතීෂ පතිරණ ඩොලර් එක ලක්ෂ විසි දාහක මුදලකට අලෙවියේ විය. ඔහු මිලදී ගනු ලැබුවේ කොළඹ කණ්ඩායම විසිනි. දසුන් ශානක ඩොලර් 85,000ක මුදලකට ද අලෙවි විය.
Continue Reading
මුළු පාර්ලිමේන්තුවම එක්ක තනියෙන් විවාද කරන්න ජවිපෙ හදුන්නෙත්ති ලෑස්තියි..!
මුළු පාර්ලිමේන්තුවම පැමිණියත් විවාද කිරීමට ජාතික ජනබලවේගය සූදානම් බව එම පක්ෂ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. තම පක්ෂයේ ආර්ථික කමිටුව නොව තමන් තනිවම පැමිණ වුවද එම විවාදයට සූදානම් බවත් හෙතෙම පැවසුවේය. නමුත් පළමුව පැවැත්විය යුත්තේ සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක අතර විවාදය බවත් ඊට පසුව ආර්ථික කමිටු විවාදයද කළ හැකි බවද හෙතෙම කියා සිටියේය. …
Continue Reading
IMF ගිවිසුම පනතක් ලෙස පාර්ලිමේන්තුවට.. කිසි ආණ්ඩුවකට වෙනස් කරන්න බෑ..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති බවත් එය සම්මත වීමෙන් පසුව කුමන පාර්ලිමේන්තුවක් ඉදිරියේදී පත්වුවද එය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ කැමැත්ත අවශ්‍ය වන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ එක්සත් ජනරජ පෙරමුණු මාතර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමට සම්බන්ද වෙමිනි. එහිදී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ …
Continue Reading
SJB මන්ත‍්‍රීන්ට කැබිනට් ඇමති ධුර…!
සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවක අමාත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව තිබේ. ඒ අනුව තම ආණ්ඩුවක කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් බෙදන ආකාරය ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීරණය කර තිබේ. අමාත්‍ය ධුර බෙදීමේදී ජ්‍යෙෂ්ඨයන්ට සාධාරණයක් ඉටු විය යුතු බවද ඔවුන්ගේ මතය වී ඇත. මේ පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුගේ කාර්යාලයේදී ආසන්න දිනෙක …
Continue Reading
මන්ත‍්‍රිලාට හොද පඩියක්, වාහනයක් නොදුන්නොත් හොරකම් කරාවි…! මන්ත්‍රි හර්ෂගෙන් ප්‍රකාශයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් හිඟාකමින් ජීවත් වෙන නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් වාහන ලබා දිය හැකි බවද පැවසූ ඔහු එසේ නොවුනහොත් මන්ත‍්‍රීවරුන් සොරකම් කරනු ඇතැයිද කියා සිටියේය. මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය. “සමහර මන්ත්‍රීලා මොණරගලින්, යාපනයෙන්, බදුල්ලෙන්, ත්‍රීකුණාමලයෙන් එනවා. …
Continue Reading
නිරිතදිග මෝසමට පුර්ව සුදානමක්..!
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමග දිවයිනට බල පෑ හැකි ආපදා හානි අවම කර ගැනීම අරමුණු කරගනිමින් පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම කුමන ආකාරයෙන් පැවතිය යුතුද යන්න පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම් ආපදා පෙරසුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනෙරාල් උදය හේරත් …
Continue Reading
සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත්තේ ගජමිතුරු කල්ලියක්…!
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සැකසීම සඳහා සම්බන්ධ කරගෙන ඇති පුද්ගලයන් ගජමිතුරු සංකල්පයෙන් තෝරාගෙන ඇති බවත්, ඔවුන්ට සාමාන්‍ය පෙළ විෂය මාලාවේ වපසරිය පිළිබඳව හෝ තේරුමක් නොමැති වීම තුළින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. අදින් අවසන් වන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවල ඇතිව තිබු ගැටලු ඇති වීමට හේතු හා එමගින් දරුවන්ට …
Continue Reading
ලොකු මාලිමාවක් මලික් හමුවේ..!
පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන මලික් සමරවික්‍රම මහතා හා මාලිමාවේ ප්‍රබලයෙකු අතර සාකච්ඡාවක් සිදුවී තිබේ. ආසන්න දිනයක මෙම සාකච්ඡා පැයකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වී ඇතැයි ද වාර්තා වෙයි. මෙහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් වාර්තා නොවෙයි.
Continue Reading
සිද්ධාර්ථට වඩා කැපකිරීම් කලේ යශෝධරා.. ඇගේ පැත්තෙන්ද බැලිය යුතුයි.. ජවිපෙ හරිනි
සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය පවසයි. සිද්ධාථට වඩා යශෝදරාවන් කරන ලද කැප කිරීම් ඉහළ බවද ඇය කියා සිටියි. සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය ඔහුගේ පැත්තෙන් පමණක් නොව යශෝධරාවන්ගේ පැත්තෙන්ද බැලිය යුතු බවද ඇය සඳහන් කරන්නීය. නෙත් ගුවන්විදිය සමඟ සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කරයි.
Continue Reading