ජනපති නියමයෙන් ජනවාරි 01දා සිට අලුතින් ලක්‍ෂ හතරකට අලුතින්ම ‘අස්වැසුම’…!
- Editor
- December 25, 2023
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
අස්වැසුම ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව ලබන වසරේ සිට ලක්ෂ 4කින් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අදාළ අංශවලට උපදෙස් දී තිබේ. මේ අනුව 2024 වසරේදී අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ගේ පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ යනු ඇත. මෙම සියලු දෙනාට අස්වැසුම හා අනෙකුත් දීමනා හිමිවීමට නියමිතය.
අස්වැසුම හිමිවන පවුල්වල සිටින වකුගඩු , වැඩිහිටි සහ ආබාධිත දීමනාව ලබන සියලු දෙනාට අස්වැසුමට අමතරව සෙසු දීමනා ද ලබා දීමට ද රජය මේ වන විට තීරණය කර ඇත. රජය මෙම තීරණය ගෙන ඇත්තේ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර පැවැති සාකච්ඡාවකදීය.
මෙලෙස අස්වැසුම ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව ඉහළ දැමීම වෙනුවෙන් හා අස්වැසුමට අමතරව අනෙකුත් ප්‍රතිලාභ ගෙවීම වෙනුවෙන් 2024 අය වැයෙන් රුපියල් බිලියන 207 ක් වෙන්කර තිබේ.
ජනවාරි සිට අස්වැසුම ඉල්ලුම්පත් නිකුත් කරන අතර අයැදුම්පත් පරිගණකගත කිරීමේදී ගියවර වූ තාක්ෂණික දෝෂයන් නිවැරැදි කිරීමට අලුත් ක්‍රමවේදයක් ද හඳුන්වා දීමට නියමිතය.
වජිර ලියනගේ

