පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඇතැම් සැකකරුවන් තවමත් නිදැල්ලේ..(වීඩියෝ)

Spread the love

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගෙන නැතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ(31) පෙරවරු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් යළි අවධාරණය කළේය.

හමුදාපති කළ එම ප්‍රකාශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පිළිගැනීමත් සමඟ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සහ ඔහු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණි.

හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා මේ වන විට පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේය.