මහනුවර ගැටුම මෙතරම් ඇවිලීයාමට ඇත්ත හේතුව හමුදාපති හෙළිකරයි (Video)
- RSL
- March 10, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mahesh Senanayake, Sri Lanka Army
- 0 Comments
මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යළි ඇති නොවීමට ශක්තිමත් සැළැස්මක් අවශ්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
අද(09) උදෑසන මහනුවරදි ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පැවති මාධ්‍ය හමුවකදි යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
30 වසරක් පුරා පැවති යුද්ධයෙන් හමුදා නිලධාරීන් 28,000 ක් මිය ගිය බවත්, 50,000 ක් පමණ තුවාල ලැබු අතර 20,000 ක් පමණ පූර්ණ වශයෙන් අබාධිත තත්ත්වයට පත් වු බවත් එවැනි තත්ත්වයක් නැවත උදා කිරීමට උත්සහ ගැනීම කණගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කළේය.
තමා ද සිංහල බෞද්ධයෙක් බව පැවසු හමුදාපතිවරයා උඩරට පැවති පෞඩ ඉතිහාසයක් ඇති තැනක මෙවැනි ක්‍රියාවක් සිදුවුයේ කෙසේ ද යන්න අද වන විට විශාල ගැටළුවක් වී ඇති බව ද පැවසීය.
කෙසේ වෙතත් අමිහිරි අතීතයක් ලෙස සිතා මෙය අවසන් කර ශක්තිමත් අනාගතයකට ඉදිරියට යා යුතු බව ද හමුදාපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

