අත්අඩංගුවට පත් අර්ජුනට ඇප

Spread the love

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඇප මත මුදාහැර තිබේ. ඔහු ඊයේ(29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැර ඇති බව සඳහන්.

ඒ අනුව සැකකාර අර්ජුන රණතුංග ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියොග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවත්වන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර අර්ජුන රණතුංග මහතා ඇප මත මුදාහැරීමට නියම කළ අතර පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන දෙසැම්බර් මස 4 වනදා ඉදිරිපත් කරන ලෙසෙ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට නියම කළේය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරීවරයා ලබන 12 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට ද මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

එදින එම සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

RSL

Related Posts