මහේන්ද්‍රන් ගෙන්වන ලේඛන සිංගප්පූරුවට භාරදෙයි
- RSL
- September 14, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Arjun Mahendran
- 0 Comments
මහබැංකු බැඳුම්කර නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (12) එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට බාරදී ඇත.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා පේ‍්‍රමවර්ධන මහත්මිය වෙත අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පෙරේදා (11) භාරදුන් බවත් එම ලිපි ලේඛන ඊයේ (12) තානාපති කාර්යාලය මගින් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදුන් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පිටු 21,000 කට අධික ලිපි ලේඛන ගොනුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 06 වැනිදා අත්සන් තැබීය.

