එජාප සන්ධානය සමඟ සන්ධාන ගතවන්න තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් එක්වෙයි

Spread the love

එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වීම සඳහා මින් පෙර එජාපය සමඟ සන්ධාන ගත නොවූ තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් මේ වන විට එක්වෙමින් පවතින බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මීට පෙර එක්සත් ජාතික පක්ෂය සමඟ මීට ලඟ ජනාධිපතිවරණය සඳහා සන්ධාන ගත වීමට අදාළව මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ 12ක් සහ සිවිල් සංවිධාන 27ක් එකඟතාව පළකර තිබුණු අතර පසුගියදා පැවති එජාප කෘත්‍යාධීකාර මණ්ඩලයේදී මීලඟ ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් නොවන බවට ලද තහවුරු වීමත් සමඟ මෙම එජාපය පෙරටු කරගත් සන්ධානය සමඟ තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රාශියක් ඉදිරිපත් වීමට එකඟතාවය පළකරමින් සාකච්ඡා අරඹා ඇත. ඒ අනුව එම සංවිධාන මීලඟ ජනාධිපතිවරණය සඳහා මූලික වශයෙන් එක්සත් ජාතික පාක්ෂික අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එකඟ වී ඇති අතර ප්‍රතිපත්තිමය සහ ගිවිසුම් ගත වන කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය බව එජාප මහලේකම්වරයා දැනුම් දී ඇත.

මේ හේතුවෙන් හෙට(05) දිනට පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතව ගොඩනැඟෙන “ප්‍රජාත්‍රන්තවාදී ජාතික පෙරමුණ” සන්ධානයේ ප්‍රධාන උත්සවය දින කිහිපයකින් කල් දැමීමට සිදුව තිබේ. මේ වන විට එජාපයේ නව සන්ධානය සමඟ තවත් දේශපාලන පක්ෂ 7ක් සහ සිවිල් සංවිධාන 12ක් මේ මොහොත වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

කෙසේ වෙතත් හෙට දිනයේ නියමිතව තිබූ සන්ධානයේ නව සන්ධාන ගත වීම කල්යෑම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස කල්ලියේ පිරිස් වෙනස්ම ආකාරයේ ප්‍රචාරයක් ගෙන යමින් පවසන්නේ, සජිත් කල්ලියේ පාදඩයින් එම උත්සවය වටලන්න යන බවට වන භීතිය නිසා මෙම උත්සවය කල් දැමූ බවයි. මෙවැනි ප්‍රකාශ ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටමින්, ළිංමට්ටමින් කෙබර තලමින් සිටින සජිත්ගේ ළිං මැඩියන්ට සහ එජාපය දෙකඩ කිරීමේ කොන්ත්‍රාත්තුව එදා සිට භාරව කටයුතු කරන කිලීගේ මාධ්‍යකරුවන්ට ස්වයං වින්දනීය පුවත් වුවද සත්‍යය හොඳාකාරවම දන්නා බුද්ධියේ විමසුම් දෑසීන් යුත් එක්සත් ජාතික පක්ෂ පාක්ෂියා නිවැරදි දේ හොඳාකාරව දනී.

එසේම මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයේද මේ බව පැහැදිලිව දැක්වේ.

රට සුරකින හා රට නංවන පුළුල් සන්ධානය පිහිටුවීම පිළිබඳ මෙතෙක් පැවතී සාකච්ඡාවන්හිදී නව යෝජනා ගණනාවක් ඉදිරිපත් වු බැවින් , ඒ අදහස් පිළිබඳව සියළු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා මේ බව දැනුම්දී ඇත. අදාල සාකච්ඡාවන් නිම වන තුරු සන්ධානය සඳහා අත්සන් තැබීම කල් දැමිය යුතු බවට ද එකඟත්වයකට එළැඹි බවද එම නිවේදනයේ සඳහන්.

RSL

Related Posts