බිත්තරයක් රුපියල් 41ට අඩුවෙන් වෙළෙඳපොළට
- Editor
- October 25, 2024
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- Economy
- 0 Comments
බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අළෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් බිත්තර නිෂ්පාදන සංගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

