සිර දඬුවම් විඳින පූජකවරුන් බන්ධනාගාර ආඥ පනතට යටත්
- RSL
- June 20, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
බන්ධනාගාරවල දඬුවම් විඳින පූජකවරුන් බන්ධනාගාර ආඥ පනතේ විධිවිධාන යටතේ කටයුතු කළ යුතු යෑයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.
බෞද්ධ, හින්දු, ක්‍රිස්‌තියානි සහ ඉස්‌ලාම් පූජකවරුන් 18 දෙනකු මේ වන විට බන්ධනාගාරගත කර ඇති බව ද, ඔවුන් සියලු දෙනාට බන්ධනාගාර ආඥ පනතේ විධිවිධාන යටතේ සමානව සැලකිය යුතු යෑයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
මෙසේ බන්ධනාගාරගතව සිටින පූජකවරුන් සියලුම දෙනාම සිරකරු අංකයක් යටතේ කටයුතු කරන බවද, ඔවුන් ආහාර, ඇඳුම් හා අමුත්තන් හමුවීම බන්ධනාගාර නීතියට අනුව කටයුතු කරමින් සිටින බව ද කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටී.
සිරකරුවන් සම්බන්ධයෙන් වන රටේ ව්‍යවහාරික නීතිය බන්ධනාගාර ආඥ පනත වන බව කී කීර්ති තෙන්නකෝන් මහතා, යම් සිරකරුවකුට සුවිශේෂීත්වයක් ලබාදීමට අවශ්‍ය නම් ඒ සඳහා වන නව නීති සම්පාදන හැකියාව පාර්ලිමේන්තුව සතුව පවතින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

