බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ඔබට සුවිශේෂී තිළිණයක්..!

Spread the love

සෑම බෞද්ධ නිවසකම අනිවාර්යයෙන්ම තිබිය යුතු පොත් කට්ටලයක් මෙම සාහිත්‍ය මාසය තුළ දී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් විශේෂ වට්ටම් සහිතව ඉතා අඩු මුදලකට බෞද්ධ අබෞද්ධ ඕනෑම කෙනෙකුට ලබාදීමට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු සලසා ඇත.

මෙම පොත් කට්ටලයට එදිනෙදා බෞද්ධයින් භාවිතා කරන පිරුවානා පොත් වහන්සේ, සෙත් පිරිත් සහිත වන්දනා ගාථා, බෝධි පූජා ආරක්ෂක සෙත් පිරිත් සහිත වන්දනා ගාථා, සිංහල අර්ථ සහිත ධම්මපදය යන ඉතා වටිනා බෞද්ධ පොත් හතරක් අන්තර්ගත වේ.

මෙම පොත් කට්ටලයේ වෙළඳපොළ වටිනාකම රුපියල් 1285.00ක් වන අතර මෙම සාහිත්‍ය මාසය වෙනුවෙන්ම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මෙම පොත් කට්ටලය අති විශේෂ වට්ටම් සහිතව රුපියල් 599.00ක් වැනි සුවිශේෂී මිලකට පිරිනැමීමට කටයුතු සලසා ඇත.

මේ මස 27 වන දා සිට ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා කොළඹ BMICH හිදී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ P ශාලාවේ ඇති බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ වෙළෙඳ කුටියෙන් මෙම පොත් කට්ටලය මිලදී ගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ.

RSL

Related Posts