A/L – O/L සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගවලට දින නියම කරයි

Spread the love

පැවති කොවිඩ් – 19 තත්වය නිසා කල්දමනු ලැබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂත්ව විභාගය පැවැත්වීමට දින නියම කර තිබේ.

ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂත්ව විභාගය ලබන ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වෙන අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙබරවාරි මස 07 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා ද අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මස 23 සඳුදා දින සිට ජූනි 01 වන බදාදා දක්වා පැවැතිවේ.

අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ මෙම විභාග කාලසටහන සඳහා අද (02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ද පළවී ඇත.

Related Posts