ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ අඩුවීමක්
- RSL
- March 18, 2026
- පුවත් සහ වාර්තා
- Iran, Oil Price, USA, USA Dollar
- 0 Comments
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද සුළු ලෙස පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලය මිල අද (18) දිනයේ දී ශත 67කින් එනම් 0.65% පහළ වැටී ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.75ක් ලෙස සටහන් විය.
ඊයේ (17) දිනයේ දී ලෝක වෙළෙඳපොළහි බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් තිබුණි.
එසේම, අමෙරිකානු බොරතෙල් බැරලය මිලද ඩොලර් 1.18කින් එනම් 1.23% පහළ ගොස් ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.03ක් ලෙස වාර්තා වී ඇත.

