කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ළදරුවන් පස් දෙනෙකු ජීවිතක්ෂයට
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයට බැක්ටීරියාවක් ඇතුළු වීම හේතුවෙන් ළදරුවන් පස් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
අදාළ තත්ත්වය හේතුවෙන් එම ඒකකය මේවන විට වසා දමා ඇතැයි ද වසාදමන විට එහි ප්රතිකාර ලබමින් සිටි ළදරුවන් රෝහලේම වෙනත් නොමෙරු ළදරු ඒකකයකට ඇතුළත් කර ඇති බවත් සඳහන් වේ.
මියගිය ළදරුවන්ගේ රුධිරය පරීක්ෂා කිරීමේදී මෙම බැක්ටීරියාව එම රුධිර සාම්පල තුළ තිබී සොයාගෙන ඇත.
බැක්ටීරියාව මර්දනය කිරීම සඳහා ප්රතිජීවක ඖෂධ ලබාදීම සිදුකළත් එය සාර්ථක නොවීම නිසා මෙම ළදරුවන් මරණයට පත්වී ඇත.