ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම සම්බන්ධයෙන් සකස් කරන ලද නිර්ණායක පිළිබඳ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ අනු කාරක සභාවේ අවධානය
- Editor
- January 29, 2026
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණ කරගනිමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ අනු කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.21 දින පාර්ලිමේන්තුවේදී රැස් විය.
මේ සඳහා ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලංකා වාණිජ මණ්ඩලය සහ දේශීය බැංකු නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීම සම්බන්ධයෙන් අවශ්‍ය සහය ලබාදීමට ජාතික තරුණ සේවා සභාව සකස් කිරීමට බලාපෙරොත්තු වන වැඩසටහනට අදාළ නිර්ණායක පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. එසේම මේ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ දේශීය බැංකු මගින් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදු විය. තවද විශ්ව විද්‍යාලවලින් පිටවන විද්‍යාර්ථීන් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.
මෙම අනු කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක මාදුගොඩ,නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

