ශ්‍රී ලංකා අපනයන කාර්ය සාධන දර්ශක 2024 වාර්තාව නිල වශයෙන් එළිදක්වයි

Spread the love

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සිය ප්‍රමුඛතම සංඛ්‍යාලේඛන ප්‍රකාශනය වන අපනයන කාර්ය සාධන දර්ශක 2024” (Export Performance Indicators 2024) වාර්තාව පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ,ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා , ජනාධිපති ඩිජිටල් ආර්ථික ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සහ වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල්(සංවර්ධන) කුමුදුනී මුදලිගේ මහතිමිය ද මෙම නිල අවස්ථාවට එක්ව සිටියහ.

මෙම ප්‍රකාශනයේ 38 වන වෙළුම වන මෙය, අපනයනකරුවන්, පර්යේෂකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් විශ්වාසදායක මූලාශ්‍රයක් ලෙස භාවිත කරනු ලබයි. මෙම වාර්තාව මගින් 2024 වසර සහ ඊට පෙර වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ බාහිර වෙළඳාම, දළ දේශීය නිෂ්පාදිතය (GDP) සඳහා එහි දායකත්වය සහ එක් එක් අංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳ පුළුල් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරයි.

2020 වසරේ සිට 2024 වසර දක්වා ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ හා සේවා, අපනයන කලාප, වෙළඳපල වර්ධනය සහ අනාගත අපනයන පුරෝකථනයන් පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් ද මෙහි ඇතුළත් වේ.

අපනයන කාර්ය සාධන දර්ශකය සම්බන්ධ උනන්දුවක් දක්වන පාර්ශවයකට මෙම වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය https://www.srilankabusiness.com/publications/reports/) හරහා ලබා ගත හැකිය.

 

Tags: