අද්විතීය සංචාරක සහ භෝජන අත්දැකීමක් ලබා දීමට Dambulla Bustaurant සූදානම්

Spread the love

දඹුල්ල ප්‍රදේශයට නව්‍ය සංචාරක ආකර්ෂණයක් වන Dambulla Bustaurant හෙට (15) හඳුන්වා දීමට නියමිත බව මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන Dambulla Bustaurant දේශීය හා විදේශීය සංචාරකයින්ගේ අවධානය දිනා ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් සිදුවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

දඹුල්ල-සීගිරිය සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති Dambulla Bustaurant ජංගම අවන්හලක් ලෙස ක්‍රියා කරන අතර එමඟින් ජනප්‍රිය ගමනාන්ත හරහා ගමන් කරන මගීන්ට ආහාර භුක්ති විඳීමට ඉඩ සලසයි. මෙම සේවාව පැල්වෙහෙරෙන් ආරම්භ වී දිගම්පත, කිම්බිස්ස, සීගිරිය සහ ඉනාමළුව හරහා ගමන් කර එහි ආරම්භක ස්ථානයට නැවත පැමිණෙනු ඇත.

ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙම සංකල්පය භාවිත කරන අතර දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයට ප්‍රවේශ වන සංචාරකයින්ට මෙය අලුත් අත්දැකීමක් එක් කරයි.

Tags: