අවධමනය තවදුරටත් පහළට – ශ්‍රී ලංකා මහ බැංකුව
- Editor
- May 2, 2025
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආරම්භ වූ අවධමන තත්ත්වය ලිහිල්වීම 2025 අප්‍රේල් මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 2.6ක අවධමනයට සාපේක්ෂව 2025 අප්‍රේල් මාසයේ දී සියයට 2.0ක පහළ අවධමනයක් වාර්තා කළේය.



