රිලා ත්රස්තවාදයට දුන්න විද්‍යාත්මක විසඳුම මෙන්න !
- Editor
- December 12, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
කෘෂි වගාවන්ට බරපතළ ලෙස හානි කරන රිලා ගහණය පාලනය කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ධ්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ, ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ කළේය.
මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය රුපියල් මිලියන 4.5ක මුදලක් වැය කරනු ලබන අතර, ඉදිරියේදී රට පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.
මාතලේ දිස්ත්‍රික්කය තුළ උඟුල් සහ කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් ගිරිතලේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් වන්ද්‍යකරණය සිදුකර නැවත ඔවුන් අල්ලාගත් ප්‍රදේශයටම මුදා හැරීමටයි කටයුතු යොදා තිබෙන බව ද වැඩි දුරටත් වාර්තා වේ.

