ජනපති සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර හමුවක්
- Editor
- December 4, 2024
- දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කළහ.
සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගී වූහ.

