වනිඳුට ආබාධයක් – දුෂාන් හේමන්ත එක්දින තරගාවලියට කැඳවයි
- Editor
- November 12, 2024
- ක්‍රීඩා, පුවත් සහ වාර්තා
- Sports
- 0 Comments
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්තව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
නවසීලන්තයට එරෙහිව ඉකුත් ඉරිදා රාත්‍රියේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගය අතරතුරදී ශ්‍රී ලංකා පිලේ පළපුරුද ක්‍රීඩක වනිඳු හසරංග වම් කලවයේ ආබාධයකට ලක්වීම නිසා, දුෂාන් හේමන්තව කණ්ඩායමට එක් කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 5 කට ක්‍රීඩා කර ඇති දුෂාන් කඩුලු 2 ක් බිඳ හෙළා තිබේ. දුෂාන් කණ්ඩායමට පැමිණෙන්නේ කණ්ඩායමේ තවත් පා දඟ පන්දු යවන්නකු වන ජෙෆ්රි වැන්ඩර්සිද කණ්ඩායමේ සිටියදී වීම කැපී පෙනෙයි. ඒ අනුව වනිඳු හසරංග නැවත කොළඹ පැමිණ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ සිය පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

