2024 ජනවාරී – සැප්තැම්බර් තේ අපනයනයේ වර්ධනයක්

Spread the love

2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සමුච්චිත තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 182.36ක් වූ අතර, 2023 ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 181.49 හා සසඳන විට එය කිලෝග්‍රෑම් මිලියන 0.87ක වර්ධනයක් බව Forbes & Walker Research වාර්තාවක් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවා බවට ඉරාකය 2024 දී ඉරාකය පත්ව ඇති අතර අදාළ කාලපරිච්ඡේදය තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 24.16ක් ආනයනය කර ඇත. නමුත් එම අගය 2023 ජනවාරි-සැප්තැම්බර් මාස හා සසදන විට 6%ක ආන්තික පහත වැටීමක් බව අදාළ වාර්තාව පෙන්වා දෙයි (කිලෝ මිලියන 25.83ට සාපේක්ෂව)

ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන් අතර රුසියාව දෙවන ස්ථානයේ සිටි අතර අදාළ කාලය තුළ රුසියාව වෙත අපනයනය කරන ලද තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 18.45කි. එය 2023 වර්ෂයට සාපේක්ෂව 4%ක වර්ධනයකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත තේ කිලෝ ග්‍රෑම් මිලියන 17.49ක් ද තුර්කිය වෙත තේ කිලග්‍රෑම් මිලියන 13.40ක් හා චීනයට කිලෝග්‍රෑම් මිලියන 8.84ක්, ඉරානය තේ කිලෝග්‍රෑම් මිලියන 8.15ක් ලෙස 2024 ජනවාරී -සැප්තැම්බර් කාලය තුළ ලංකා තේ අනෙකුත් කැපී පෙනෙන ආනයනකරුවන් ලෙස දක්වා ඇත.

කෙසේ වෙතත් 2024 සැප්තැම්බර් මාසය තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 19.79ක් වූ අතර එය 2023 සැප්තැම්බර් මස අපනයනය කළ කිලෝග්‍රෑම් මිලියන 23.16 සසඳන විට කිලෝග්‍රෑම් මිලියන 3.37 ක අඩුවීමක් වාර්තා කර ඇත.

තේ තොග සහ පැකට් කරන ලද තේ අපනයනයේ අඩුවීමක් වාර්තා කරන අතර, තේ බෑග්, ක්ෂණික තේ සහ හරිත තේ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ආන්තික ලාභයක් වාර්තා කර ඇත.

Related Posts