ICC T20 Men’s bowling rankings: ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට මුල්පෙළ ස්ථාන දෙකක්
- Editor
- October 24, 2024
- ක්‍රීඩා, පුවත් සහ වාර්තා
- Sports
- 0 Comments
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතර තෙවැනි ස්ථානයට මහීෂ් තීක්ෂණ පැමිණ ඇති අතර ඔහු ප්‍රසාද ලකුණු 677ක් ලබා ගෙන ඇත.
එහි ප්‍රථම ස්ථානයේ එංගලන්තයේ ආදිල් රෂීඩ් පසුවන අතර බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ගඩාක්ෂ් මෝටි අදාළ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳි සිටීයි.
කොදෙව් ක්‍රීඩක අකේල් හොසෙයින් එහි සිව් වන ස්ථානයෙත්, ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් පස්වන ස්ථානයෙත් පසුවන අතර ශ්‍රී ලංකාවේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එහි හය වන ස්ථානය දක්වා පැමිණ ඇත.

