ඌරන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ගත් අලුත්ම තීන්දුව
- Editor
- October 21, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ඌරන් ප්‍රවාහනය කිරීමේදී පශු වෛද්‍ය සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඌරන් අතර පැතිර යන ‘Porcine Reproductive and Respiratory Syndrome’ (PRRS) නමින් හැඳින්වෙන අධික ලෙස බෝවන වෛරස් රෝගය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල කියා සිටියේ ගොවිපළ හිමියන් පශු වෛද්‍ය සහතිකය අදාළ පශු වෛද්‍යවරුන්ගෙන් ලබා ගැනීම අනිවාර්ය බවයි.
වලංගු සෞඛ්‍ය සහතිකයක් නොමැතිව ඌරන් ප්‍රවාහනය කිරීම සපුරා තහනම් කර ඇත්තේ ඒ ඌරන් වෛරස් රෝගවලින් තොර බව සහතික කිරීම සඳහායි” වෛද්‍ය කොතලාවල මහතා ප්‍රකාශ කළේය.

