රිය අනතුරු හේතුවෙන් පැය 24ක් තුළ හතරක් මරුට
- Editor
- October 20, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
පසුගිය පැය 24 තුළ මොරොන්තුඩුව, කෝපායි, කරන්දෙණිය සහ කඩවත ප්රදේශවල සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මොරොන්තුඩුව – හොරණ මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිය යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව බෝක්කුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලැබූ අතර තුවාලකරු ගෝනදූව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
යාපනයේදී ත්රිරෝද රථයක් ගැටීමෙන් 68 හැවිරිදි කට්ටපිරායි ප්රදේශයේ පදිකයෙක් බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
බොරකන්ද ප්රදේශයේදී යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 81 හැවිරිදි පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර මහනුවර – කොළඹ ප්රධාන මාර්ගයේ දී යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන් 74 හැවිරිදි කඩවත ප්රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

