CIS සිසුවිය නෙළුම් කුළුණෙන් බිමට පැන්නේ ඇයි ? අලුත්ම අනාවරණය මෙන්න !

Spread the love

ඊයේ  (07) සවස කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් පැන සිය දිවි නසාගත් කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School – CIS) ඉගෙනුම ලබන සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බව පොලිසිය පවසයි.

පොලිස් පරීක්ෂණවලට අනුව මියගොස් ඇත්තේ කොළඹ ජාත්‍යන්තර පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි ශිෂ්‍යාවකි. කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය ඊයේ පාසලෙන් පසු නෙළුම් කුළුණ නැරඹීමට ගොස් ඇති අතර එහිදී ඇය 29 වන මහලෙන් බිමට පැන ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව එය පැහැදිලිව සියදිවි නසා ගැනීමක් බව පොලිසිය පවසයි.

එසේම ඇයගේ මරණය මීට පෙර කොම්පඤ්ඤවීදියේ Altair සුඛෝපභෝගී මහල් නිවාසයේදී  සියදිවි නසාගත් බවට සැක කෙරෙන ඇයගේ සමීප මිතුරියගේ සහ මිතුරාගේ මරණ සමග සම්බන්ධ බව ද පොලිසිය පවසයි.

Altair හි සිදුවූ ඛේදනීය සිදුවීමෙන් පසු තම දියණිය දැඩි මානසික ආතතියකින් පසුවූ බව දැරියගේ පියා ඊයේ පොලිසියට දන්වා ඇති බව පොලිසිය පවසයි.

Related Posts