ආරක්ෂක ප්‍රධානීන් සාම්ප්‍රදායානුකූලව සේනාධිනායක ජනාධිපති හමු වෙයි
- Editor
- October 4, 2024
- Photo Stories, පුවත් සහ වාර්තා
- news
- 0 Comments
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් අද (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ජනාධිපතිවරයා හමු වී සුහද කථා බහක නිරත විය.
එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු සිහිවටන පිරිනැමීම ද සිදු කෙරිණි.




