ජනපති රනිල්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව මෙන්න
- Editor
- September 30, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (30) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන්ව ඇත්තේ, නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල්කර ඇති බවය.
එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩනොමැති නිසා බව එම නිවේදනයේ දැක්වෙයි.
නමුත් එය කිසිසේත් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් තබා නැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.
එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එම රථ වාහන භාවිත කළ අයගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වෙයි.









