හිටපු මන්ත්‍රීවරුන්ට දුන් තවත් ‘සුවිශේෂ වරප්‍රසාදයක්‘ අවලංගුයි
- Editor
- September 30, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති පිස්තෝල නොපමාව ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙසට ඊයේ (29) නියෝග කර ඇති බව ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු බලධාරීන් විසින් වෙනම ලිපි යවා ඇති බව ද වාර්තා වේ.
පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 100කට අධික පිරිසක් පුද්ගලික ආරක්ෂාව සඳහා පිස්තෝල ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
පසුගිය අගෝස්තු මාසයේ මාධ්‍ය අමතමින් එවකට කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ රට තුළ පවතින ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙකක් ළඟ තබා ගැනීමට අවසර දීමේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි.
කෙසේ වෙතත්, පසුගිය රජය විසින් ගනු ලැබූ තීරණය වත්මන් රජය අනුමත කරන්නේද යන්න තවමත් පැහැදිලි නැති බව ද අදාළ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

