ජපන් අග්‍රාමාත්‍යධුරයේ වෙනසක්
- Editor
- September 27, 2024
- පුවත් සහ වාර්තා, විදේශීය
- world
- 0 Comments
ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින් ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කිරීමත් සමග ජපානයට නව අග්‍රාමාත්‍යවරයෙක් පත්වීමට නියමිතව තිබෙනවා.
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ද පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ද ෂිගුරු ඉෂිබා බව ජපන් මාධ්‍ය පවසයි.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය වෙනුවෙන්, පක්ෂයේ ප්‍රබලයෝ නව දෙනෙක් ඉදිරිපත් වූහ. ඡන්දය පැවැත්වූයේ පක්ෂ අභ්‍යන්තරයේය. අපේක්ෂකයන් නව දෙනා අතරින්, අවසන් වටයේ දී තරගය පැවැත්වූයේ 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා සහ 63 හැවිරිදි සානේ ටකායිචී අතරේය. ෂිගුරු ඉෂිබා ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයාය. සානේ ටකායිචී, මුදල් ආරක්ෂක අමාත්‍යවරියයි.

