නව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි
- Editor
- September 24, 2024
- දේශපාලන, පුවත් සහ වාර්තා
- news
- 0 Comments
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වූ තෙවැනි කාන්තාව ඇයයි.
අග්‍රාමාත්‍යවරිය යටතට පහත දැක්වෙන අමාත්‍යාංශ එක්කර ඇත.
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන, සෞඛ්‍ය

