ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණයක්

Spread the love

2024 අගෝස්තු මාසයේ ICC කාන්තා  ක්‍රිකට් ක්‍රීඩිකාව / ICC Women’s Player ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නැගී එන සුපිරි තරුවක් ලෙස සැලකෙන හර්ෂිතා මාධවී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නම්කර ඇති අතර 2024 අගෝස්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානය දුනිත් වෙල්ලාලගේ දිනා ගත්තේය.

හර්ෂිතා පසුගිය මාස කිහිපය තුළ සාර්ථක පිතිකරණයක නිරත වූ අතර අයර්තල්ත තරඟාවලිය ඒ අතර සුවිශේෂ විය.

පසුගිය ICC Women’s Player  සිව් දෙනාගෙන් තිදෙනෙකුම ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක් වන අතර, මැයි සහ ජූලි යන මාස දෙකේදීම එම සම්මානය හිමිකර ගැනීමට චමරි අතපත්තු සමත්වීම විශේෂත්වයකි.

මාධවිගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තවත් සුවිශේෂ ජයග්‍රහණයක් ලබාදී ඇත. ඒ  දුනිත් වෙල්ලාලගේ 2024 අගෝස්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත් නිසාය.

පසුගිය ජූලි මස අවසානයේ පැවති කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 69ක් ලබා ගත් මාධවී අයර්ලන්තය වෙත පැමිණීමෙන් පසු ලකුණු 86ක් ලබා ගනිමින් සිය හැකියාවන් වැඩි දියුණු කර ගත්තාය.

අයර්ලන්ත පිලට එරෙහිව පැවැති තරග තුනකින් යුත් එක්දින තරගාවලියේදී ඇය ලකුණු 19ක්, 105ක්, සහ 48ක් ලෙස ලකුණු එකතු කරමින් නැවතත් වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වූවාය. දෙවැනි එක්දින තරගයේදී ඇය ලබාගත් ශතකය සමග චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්නට පසුව එක්දින ශතකයක් රැස් කළ තෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට ඇය පත් වූවාය.

මෙම සම්මානය ලැබීම මේ දක්වා තම ක්‍රීඩා දිවියේ දිදුලන අවස්ථාවක් බව මාධවී පවසයි. “මෙම පිළිගැනීම ගැන මම අතිශයින් සතුටු වෙනවා. එය මගේ වෘත්තීය ජීවිතයේ නව ඉහළ තලයක් ලෙස සලකනවා. එය නිසැකවම මට විශාල තරගයක් වන කාන්තා T20 ලෝක කුසලානයට පෙර විශාල විශ්වාසයක් ලබා දෙනවා. මෙය මා වටා සිටින සියලු දෙනාගේම සහායෙන් ලබා ගත් ජයග්‍රහණයක් බව මම කියනවා. ඔවුන්ගේ සහාය නොලැබුණා නම් මෙය ජයග්‍රහණය කළ නොහැකි දෙයක් බව මගේ විශ්වාසයයි. මගේ කණ්ඩායමේ සගයන්, පුහුණුකරුවන්, දෙමාපියන්, මගේ සහෝදරිය, සහෝදරයා, මිතුරන් සහ උපදේශකයින්, ඔවුන් සැමට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මා සමඟින් මාසයේ ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වූ ක්‍රීඩකයින් ඇගයීමට ද මම කැමැතියි. ඔවුන් අතිවිශාල දක්ෂතා ඇති අය වන අතර, මම එවැනි ගුණාත්මක භාවයකින් තරඟ කිරීමට ප්‍රිය කරනවා”

මූලාශ්‍රය – icc cricket.com

Related Posts