Telegram CEO ප්‍රංශයේදී අත්අඩංගුවට
- Editor
- August 26, 2024
- පුවත් සහ වාර්තා, විදේශීය
- news
- 0 Comments
Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් / Pavel Durov ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය කියයි.
Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ඩුරොව් මෙලෙස අත්අඩංගුවට පත්විය. පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ උපත ලැබූවෙකු වන ඩුරෝව් මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන අතර, ඔහුට ප්‍රංශයේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද පුරවැසිභාවය හිමිය.
Telegram යෙදවුම රුසියාව, යුක්රේනය මෙන්ම පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල වඩාත් ජනප්‍රිය යෙදවුමකි.

