95 වැනි වියේදී විවාහා වූ අපූරු පෙම් යුවළ
- Editor
- August 20, 2024
- පුවත් සහ වාර්තා, විදේශීය
- 0 Comments
95 හැවිරිදි කෙන්යානු ජාතිකයෙක් සිය 90 හැවිරිදි දිගුකාලීන පෙම්වතිය සමඟ පසුගිය ඉරිදා (18) විවාහ වූ බව කෙන්යානු මාධ්‍ය ඊයේ (19) වාර්තා කළේය. එම වාර්තාවට අනුව මෙම විවාහය සිදුව ඇත්තේ එම යුවළ පළමු වරට මුණගැසුණු දා සිට දශක හයකට පසුවය.
මනාලයා ඉබ්‍රාහිම් එම්බෝගෝ ලෙසත්, මනාලිය තබිතා වැන්ගුයි ලෙසත් කෙන්යානු මාධ්‍ය වාර්තාවල දැක්වේ.
“අපි 1960 දී මුණගැසී ආදරයෙන් බැඳුණා” කෙන්යාවේ නයිරෝබි අගනුවරට ඊසාන දෙසින් පැය තුනක ගමනක් යා හැකි නගරයක් වන මුකුර්වේනි හි පල්ලියෙන් පිටත එමින් සිටි එම්බෝගෝ මාධ්‍යය වෙත පැවසුවේය.
“අපි සාකච්ඡා කරලා තීරණය කළා අපි විවාහා වෙනවා නම් හොඳයි කියලා. අපි අපේ කිකුයු චාරිත්‍රානුකූලව දන්නවා අපි නීත්‍යානුකූලව විවාහකයි කියලා. නමුත් අපිත් ක්‍රිස්තියානීන් නිසා, අපි පල්ලියේ විවාහයක් කරන්න තීරණය කළා.” ඔහු වැඩි දුරටත් පැවසුවේය.
ඔවුන්ගේ රහස ගැන විමසූ විට, වැන්ගුයි මෙසේ පැවසුවාය: “කාන්තාවනි, ඔබ ඔබේ ස්වාමිපුරුෂයන්ට ගරු කළ යුතුයි. ඔබ එය කරන්නේ නම්, ඔබ අප මෙන් ජීවත් වනු ඇත. කිසිදු වරදක් නොකරන්න, ඔබ එසේ කළ විට, සමාව ඉල්ලන්න.”
https://tribune.com.pk ඇසුරිණි

