නවතම දත්ත අනුව ශ්රී ලංකාවේ නව යොවුන් වියේ ගැබ් ගැනීම් සහ ලිංගික අපයෝජනයන් ඉහළ යමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
මෙම වසරේ මුල් භාගය තුළදී සිද්ධීන් 28ක් වාර්තා වී තිබෙන අතර නව යොවුන් වියේ ගැබ් ගැනීම් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අනුව 2023 එම කාල සීමාවේ වාර්තා වූ සිදුවීම් 18 ට සාපේක්ෂව 2024 පළමු භාගයේ වාර්තා වූ සිද්ධීන් 28ක් වාර්තා වී ඇති අතර එය 55.5% ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
මෙයට සමගාමීව, ස්ත්රී දූෂණ සහ බරපතල ලිංගික අපයෝජන වාර්තා ද නොකඩවා ඉහළ මට්ටමක පවතින බව ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. 2024 දී මේ වන විට ස්ත්රී දූෂණ 23ක් වාර්තා වී ඇති අතර, 2023 දී වාර්තා වූ මුළු සිද්ධීන් 50ට වඩා ඉහළ අගයක් මෙම වසරේ වාර්තා විය හැකි බව ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පවසයි. මීට අමතරව, 2024 පළමු මාස හය තුළ බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 157ක් ලේඛනගත කර ඇති අතර, එය පෙර වසරවලට වඩා ඉහළ අගයක් බව ද අධිකාරිය සඳහන් කරයි.