‘ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ‘ නව නීතිපති ධුරයට
- Editor
- July 12, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ (ආ) වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත.
ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා මෙරට 49 වන නීතිපතිවරයායි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

