දුම්රිය වැඩවර්ජනය SLRSMU ගත් අලුත්ම තීන්දුව
- Editor
- July 11, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) අද (11) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රිය වන විට සේවයට වාර්තා කරන නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අමාත්‍යවරයා සංගමයේ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද සහභාගි වූ මෙම සාකච්ඡාව හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නිල නිවසේ දී පැවැත්විණි.

