‘ලෙනවගේ පෙත්සම’ විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
- Editor
- July 8, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 8 වැනිදා) තීන්දු කළේය.
එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවත් පෙත්සම්කරුට නියම කෙරුණි.
අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද මෙම පෙත්සම කැඳවනු ලැබුණි.

