අතුරුගිරියේ වෙඩි තැබීමකින් ‘ක්ලබ් වසන්ත’ මරුට, කේ. සුජීවාට තුවාල
- Editor
- July 8, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
අද (08) පෙරවරුවේ අතුරුගිරිය ඔරුවල හන්දියේදී සිදු වූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත‘ නැමැත්තා මිය ගොස් ගායන ශිල්පී කේ.සුජීවා ඇතුළු කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි ඔවුන් පැවසුවේ. කේ.සුජීව ඇතුළු පිරිසක් ටැටූ මැදිරියක් විවෘත කිරීමට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි. කේ. සුජීවා සහ තවත් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

