SJB මන්ත‍්‍රීන්ට කැබිනට් ඇමති ධුර…!
- Editor
- May 20, 2024
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවක අමාත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව තිබේ.
ඒ අනුව තම ආණ්ඩුවක කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් බෙදන ආකාරය ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීරණය කර තිබේ.
අමාත්‍ය ධුර බෙදීමේදී ජ්‍යෙෂ්ඨයන්ට සාධාරණයක් ඉටු විය යුතු බවද ඔවුන්ගේ මතය වී ඇත.
මේ පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුගේ කාර්යාලයේදී ආසන්න දිනෙක විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ජේෂ්ඨ මන්ත‍්‍රීවරුන් දස දෙනෙකු පමණ ඊට සහභාගි වී ඇතැයි ද වාර්තා වෙයි.

