අපේ වාහන වසර 12ට වඩා පරණයි..! අලුත් වාහන අවශ්‍යයි..!- මන්ත්‍රීන් රැසක් කියති..!
- Editor
- May 1, 2024
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතිබව කතානායක කාර්යාලය පවසයි.
ඒ අනුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද ලිපියක් කතානායකවරයා වෙත බාරදි තිබේ.
එම ඉල්ලීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම කාර්යාලය පවසයි.
මෙ අතර වසර 10කින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට අවසර ලබාදී නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
වසර 12කට වඩා පැරණි වාහන බොහෝ පිරිසක් භාවිත කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

