2024 වසරට සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම්..!
- Editor
- January 3, 2024
- ආර්ථික සහ ව්යාපාරික, උණුසුම් පුවත්
- featured
- 0 Comments
මෙම වසරේදී මෙරටට සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව ඒ හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 ක ආදායමක් ඉපැයීම අපේක්ෂාව බවයි එහි සභාපති ප්රියන්ත ප්රනාන්දු සඳහන් කළේ.
පසුගිය වසරේදී සංචාරකයින් ලක්ෂ 15 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබූ අතර එම වසරේදී සංචාරකයින් 1,487,303 ක් පැමිණ තිබුණා.

