ආපනශාලා ආහාර මිල ගණන් අද සිට ඉහළට..!
- Editor
- December 31, 2023
- ආර්ථික සහ ව්යාපාරික, උණුසුම් පුවත්
- featured
- 0 Comments
බත්, කොත්තු, ප්ලේන් ටී සහ කිරි තේ ඇතුළු ආහාරවල මිල ගණන් අද (31) සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ ප්ලේන් ටී රුපියල් 5, කිරි තේ රුපියල් 10, කෙටි ආහාර (ෂෝර්ටීස්) රුපියල් 10කින් ඉහළ දමන බවයි.
බත්, ෆ්රයිඩ් රයිස්, කොත්තු සහ නාසිගුරන් රුපියල් 25කින් ඉහළ දමන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

