අනුර කුමාර කාලෙකින් මිහින්තලේ ගියේ නෑලු..! වලවා හැංගුණ වලේ හිමි කිවුවේ අමුම අමු බොරුලු..! හදුන්නෙත්ති අනුර වෙනුවෙන් කට ඇරලා..!
- Editor
- December 25, 2023
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා මතක ඇති කාලයකින් මිහින්තලා විහාරස්ථානයට ගොස් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්ම රතන හිමියන් බැඳි පිරිත් නූල කඩා විසි කළ බවට කල ප්රකාශය බොරුවක් බවද හිටපු මන්ත්රීවරයා කියා සිටියේය.
මිහින්තලා හිමියන් මෙවන් ප්රකාශයක් සිදු කළේ ඇයිදැයි තමන්ටද ගැටළුවක් බවද හඳුන්නෙත්ති මහතා කියා සිටී.
ගුවන් විනාලිකාවක් හම සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

