2019 වසරෙන් පසු මෙරට දරිද්‍රතාව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නැහැ – විපක්ෂ නායක
- Editor
- November 21, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
2019 වසරෙන් පසු මෙරට දරිද්‍රතාව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව අද (21) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රජය සමාජ ආරක්ෂණය ගැන කතාකළද අද වනවිට මෙරට දුප්පත්කම සම්බන්ධයෙන් දත්ත ආණ්ඩුව නොදන්නා බවයි.
මෙයට පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, 2019 වසරෙන් පසු මෙරට දරිද්‍රතාව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නොමැති බව පිළිගන්නා බවත් කෙසේ නමුත් 2019 වසරේ දත්ත අදාළ වර්ෂවලට ගලපා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇති බවයි.

